විනාඩි 2ක කියවීමක්,

පෙර පාසල අසල රැඳී සිටින කමලා හා විමලා ළඟට පැමිණි කමලාගේ පොඩි පුතා,
” ඇයි අම්මේ ත්‍රීවිල් මාමා හැමවෙලේම නහය හාරන්නෙ. එයාගෙ නහය ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තියෙන්නේ”
” ඒක තමයි පුතේ මෙච්චර ලොකු වෙලත් නරක පුරුදු නවත්තගන්න බැරි හැටි”
” ඕක හොඳයි , ඇයි අපේ මල්ලි , මනුස්සයාගෙ වැඩේම නියපොතු ටික හපන එක. කොච්චර කිව්වත් නවත්තන්නෙ නෑ”
එදිනෙදා ජීවිතයේදී නරක පුරුදු ලෙස ඔබ හඳුනාගන්නා නිය පොතු කෑම , තොල් හැපීම, කොණ්ඩය කෑම, නහය හැරීම වැනි පුරුදු බොහෝ විට රෝගී තත්ත්වයකට පත්විය හැකි බව ඔබ දන්නවාද?
මෙම තත්වය Body focused repetitive behavior ලෙස හඳුන්වනු ලබයි.
මෙවැනි පුද්ගලයින් මෙම ක්‍රියාව නිතර නිතර සිදු කරන නමුත් ඔවුන් එය සිදුකරන්නේ දැනුවත් භාවයකින් තොරව/ අනිච්චානුගව/ automatic එසේත් නැතිනම් ඔවුන්ගේ අනු දැනුමකින් තොරව ඉබේය.
මෙම ක්‍රියාව නිසා ශරීරයට දරුණු හානියක් වීම ගැනද ඔවුන් තැකීමක් නොකරයි .මේ ක්‍රියා අඩු කරගැනීමට , නැවැත්වීමට අවශ්‍ය නමුත් එය සිදුකර ගැනීමට නොහැකි බව පවසයි .
ඔවුන් එම ක්‍රියාව සිදුකිරීමට ප්‍රථම මානසික ආතතියකින් පසුවන අතර ක්‍රියාව සිදු කිරීමෙන් පසුව ඔවුන්ට යම්කිසි සහනයක් සහ සතුටක් දැනෙනු ඇත .
නියපොතු කෑම / Onychophagia / Nail biting

සියයට තිහක් පමණ මිනිසුන් අතර ඇති තත්ත්වයකි. නමුත් එය රෝගී තත්ත්වයක් සඳහා වර්ධනය විය හැකි පිරිසක් ද වේ. මෙහිදී නියපොතු , ඇගිලි හා දත් වලට හානි වීම හා විෂබීජ ආසාදනය වියහැකිය . නියපොතු කොටට කැපීම, කොහොඹ වැනි ද්‍රව්‍ය ආලේප කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.
මීට අමතරව නියපොතු ගැලවීම ( onychotillomania ), සම කෑම ( Dermatophagia ) සහ ඉවත් කිරීමට උත්සාහ කිරීම, ශරීරයේ විවිධාකාර ගැටිති හා බිබිලි ස්භාවයන් ගලවා ඉවත් කිරීමට උත්සාහ කිරීම, කුරුලෑ කඩා ඉවත් කිරීම ( Dermatillomania ), තොල් සැපීම ( lip biting ) , දිව / කොපුල් සැපීම ( cheek biting ), කොන්ඩය සැපීම සහ කොණ්ඩය ගැලවීම, ශරීරයේ සියලුම රෝම ගැලවීට උත්සාහ කිරීම , සියලුම රෝම කූප කපා දැමීමට උත්සාහ කිරීම ( shave ) , තට්ටය ගෑම, ඇහිබැම ඇහි පිහාටු ගලවා දැමීමට උත්සාහ කිරීම, රෝම කූප කටින් ගලවා දැමීමට උත්සාහ කිරීමද බොහෝ දෙනෙක් අතර දක්නට ලැබේ . මෙවැනි ක්‍රියාවන් සියයට අනුවක් පමණ කාන්තාවන් අතර දක්නට ලැබේ .
මෙහිදී කොණ්ඩය ගලවා දැමීමට ( Trichotillomania/ hair pulling ) හෝ රෝම ගලවා දැමීමට උත්සාහ කරන්නේ රූපය වර්ධනය කරගැනීමට නොවන අතර එමගින් බොහෝවිට ඔවුන් විරූපී තත්ත්වයට පත්වන නමුත් ඔවුන් ඒ සඳහා තොප්පි පැලඳීම වැනි ක්‍රම යොදා ගනිමින් දිගටම පුරුද්ද කරගෙනයයි.රූපලාවණ්‍ය සඳහා රෝම ගැලවීම රෝගීතත්ත්වයක් නොවේ.මෙම කොණ්ඩ ගැලවීම සහ කොන්ඩය කෑම මගින් ආමාශයේ කොන්ඩ ගුලියක් ( Tricho bezoars ) එකතුවී රෝග තත්ත්වයක් ඇති වියහැකිය.

නහය හැරීම / Nose picking / Rhinotillexomania
බොහෝ පුද්ගලයින් මේ ක්‍රියාව සදහා දිනකට පැය ගණන් ගත කිරීම සිදුකරයි. එසේ සිදුකිරීම නිසා නහය ආශ්‍රිතව තුවාල ඇතිවී ඒවා ආසාදනය විය හැකිය.නාසය ආශ්‍රිතව ඇතිවන ආසාදන මොළයට පැතිරීමේ හැකියාවක් පවතින අතර එය ඉතා අනතුරුදායක තත්වයකි.
ප්‍රතිකාර
මෙවැනි තත්වයන් වැලකීමට හා පාලනය කිරීමට හැකි අතර ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම Cognitive behavioral therapy / චර්යාමය ප්‍රතිකාර ද පවතී.
මෙහිදී ඔබට ,
ඔබේ චර්යාව පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම නැතහොත් ඔබ කරන දෙය සිහියෙන් සිදුකිරීම (mindfulness) සහ ඔබ එම ක්රියාවේ යෙදෙන බව දැනුවත් වීම,
දිනපොතක් පවත්වාගෙන එම කාලයන්, හේතු, නවත්වා ගැනීමට කළ දේවල් ලියා තැබීම
විශේෂ උපකරණ, විශේෂ මුඛ ආවරන භාවිතය
ඇඟිලි කාර්යබහුලව පවත්වාගැනීමට fidgety spinner , stress ball, gloves පැලදීම , මැහුම් ගෙතුම් , සංගීත භාණ්ඩ වාදනය , අත් මත ඉදගෙන සිටීම සහ ඇඟිලි සඳහා ව්‍යායාම කිරීම මගින් මෙම පුරුදු අමතක කර ගැනීමට උත්සාහ කර ගත හැකිය .
අවශ්‍ය විට වෛද්‍යවරයෙකු හමුවන්න.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම්
Very informative. Thank you.
Thank you,
👍👍 good topic ,thanks
interesting topic