Posted on

මාස 3ට අඩු දරුවන්ගේ උණ බලන්නෙ කොහොමද ?

Dr රොෂාන් පියරත්න
MBBS MD
(විනාඩි 3ක කියවීමක්)

(සාරාංශය –
ගුද මාර්ගයේ උෂ්ණත්වය 38 ‘c/100.4 F ට වැඩි නම් මාස 3ට අඩු දරුවෙක් නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න )

උණ , ශරීර උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඇතිවන තත්වයකි.
මෙය රෝග තත්වයක් නොවන අතර , රෝග තත්වයක රෝග ලක්ෂණයක් වේ.
එනම් උණ පවතින හැම විටකම ඒ හා සම්බන්ධ රෝගයක් පවතින අතර උණට බෙහෙත් කිරීම විතරක් ප්‍රමානවත් නොවන අතර එම රෝගී තත්ත්වය සොයා බලා ප්‍රතිකාර කලයුතුය .

උණ ඇතිවීමට හේතු පවතී.
ඉන් ප්‍රධාන වන්නේ ආසාදන තත්ත්ව ( දිලීර ,බැක්ටීරියා, වෛරස්…)
ප්‍රදාහය තත්ත්වයන්
ඖෂධ වර්ග
පිළිකා හා විවිධ රෝග තත්ත්ව නිසා උණ ඇතිවිය හැක.

මාස 3 ට වඩා අඩු දරුවන්ට උණ ඇතිවීම හොඳ තත්වයක් නොවන අතර බොහෝ විට නරක රෝගයක ලක්ෂණයක් විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වේ .

මෙනින්ජයිටීස්, මුත්‍රා ආසාදන සහ pneumonia තත්වයන් බොහෝ විට දක්නට ලැබෙන අතර වයස මාසයට වඩා අඩු දරුවන්ගේ මේ රෝග වඩාත් සුලභව දක්නට ලැබේ.
මෙම තත්වයට අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතු අතර ඒ සඳහා වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම අවශ්‍ය වේ.
මන්ද පසු කාලීනව ඇතිවිය හැකි සංකූලතා අතුරු ආබාධ වළක්වා ගැනීමට ඒවාට ප්‍රතිකාරකිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන නිසාය.

  • ඩිජිටල්
  • වීදුරු රසදිය
  • Infared

Digital thermometer

වාසි

  • ඉතා සරලව භාවිතා කළ හැකිය.
    -ඉලක්කම් මගින් දක්වන නිසා උෂ්ණත්වය කියවා ගැනීමට ඇති පහසුව.
    -එලාම් එකක් වැදීම
  • කුඩා දරුවන්ට භාවිතා කළ හැකිය.
    -බිදී යාමේදී ඇතිවන හානි අවම වීම.

අවාසි


-මෙහි බටන් බැටරිය අහිතකර වන බව දැනගෙන සිටිය යුතු අතර කුඩා දරුවන්ට ඒ බැටරියක් ගිලීමට අැති සම්භාවිතාවයක් නිසා එම බැටරි භාවිතා කිරීමේ දී සැලකිල්ලක් දැක්විය යුතුය.
( ගිලුනොත් වහා රෝහල් ගත්‍ කරන්න ඕනේ )
-ඊට අමතරව මෙහි බැටරිය බැහැලා/ charge කර නොමැති විට වැරදි උෂ්ණත්ව දක්වයි .

එසේ ම ලාභදායී චීන උෂ්ණත්වමානය ලබා නොගන්නේ නම් ඉතා මැනවි.
ඒවගේ උෂ්ණත්වය බොහෝ විට වැරදි අගයන් පෙන්වයි .
(රුපියල් 800ට පමණ ඇති හොඳ වර්ගයේ උෂණත්වමානය ලබා ගන්න)

     --=-==-=--=====

වීදුරු රසදිය උෂ්ණත්වමානය

වාසි


-නිවැරදි පාඨාංක ලැබේ.
-මිල රු 100ට අඩුය.
-බැටරි අවශ්‍ය නැත.

අවාසි

  • භාවිතය අපහසුවීම.
  • උෂ්ණත්වය කියවීමට මනා පුහුණුවක් ලැබිය යුතු වීම.
  • ඉක්මනින් බිඳෙනසුලු වීම.
  • වීදුරු සහ රසදිය දෙකම කුඩා දරුවන්ට හානි කරවීම.
    (කුඩා දරුවන්ගේ මුඛයට හෝ වෙනත් තැනකට රසදිය උෂ්ණත්වමානය යෙදීමේදී ඔවුන් කලබල වීම නිසා එය බිදී හානිකර තත්වයන් ඇති වීමට හැකිය
Sleeping baby

උණ බලන තැන්

  • ගුද මාර්ගය
  • මුඛය
  • කිහිල්ල
  • කණ ඇතුලත
  • නළල

    උණ බැලිය හැකි ක්‍රම බොහෝමයක් පවතී.
    ගුද මාරගය නැත්තං rectal temperature බැලීම , කණ ආශ්‍රිත ,නළලේ සහ කිහිල්ල සුලබ ස්තාන වේ.
    ක්‍රම බොහෝමයක් අතරින් බොහෝ ජනප්‍රිය වන්නේ කිහිල්ලේ හා මුඛයෙ උණ කටු තැබීමය . ශරීර උෂ්ණත්වය හරියටම දැන ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ ගුද මාර්ගයේ උණ කටුව තැබීමය . මෙහි දී සෙන්ට්‍රිග්‍රේට් අංශක 38 හෝ පැරන්හයිට් අංශක 100.4 ට වඩා වැඩි නම් එම තත්ත්වය උණ ලෙස හඳුන්වන අතර එය සැලකිල්ලට ගත යුතු තත්වයකි.

ගුද මාර්ගයේ temperature මැනීමට නුසුදුසු රෝගීන් වන්නේ සුදු රුධිරාණු ඉතා අඩු තත්ත්වයකට පත්වන නියුට්‍රොපීනියා තත්ත්වය,
වෙනත් ගුද මාර්ගය ආශ්‍රිතව පවතින අසනීප තත්ත්වයන් සහ ලේ කැටිගැසීම ආශ්‍රිතව ඇතිවන අසනීප තත්වයන් වල දී ගුද උෂ්ණත්වය මැනීම සිදු කිරීම සුදුසු නැත .
එවැනි අවස්ථාවලදී අනිත් වන ක්‍රම භාවිතා කළ යුතුය .

නමුත් නළලේ හා කිහිල්ලෙ උෂ්ණත්වය මැනීම සාර්ථක නොවන අතර විවිධ පරිසර තත්ත්ව හා වෙනත් තත්ත්ව නිසා උෂ්ණත්ව වෙනස් වීමක් ඇතිවිය හැකි අතර එමගින් නිවැරදි ශරීර උෂ්ණත්වය දක්වන්නේ නැත.
එම නිසා හැකි හැම විටම කුඩා දරුවන්ගේ ගුද මාර්ග උෂ්ණත්වය මැනීම මගින් උණ ඇතිදැයි සැකහැර දැනගැනීමටහැකිවේ.


අතට දැනෙන උෂ්ණත්වය/ උණ ගතිය
තිබෙන විට අනිවාර්යෙන්ම උණ කටුවෙන් උණ බැලිය යුතුය .

-ගුද උෂ්ණත්වය 38/ 100.4 ට වඩා අඩු නම්

  • පැරසිටමෝල් වැනි ඖෂධ ලබා නොදී ඇත්නම්
    -දරුවා හොදින් කා බී සෙල්ලම් කරයි නම්
    -අඩු බර, අඩු වයසින් ඉපදුණු දරුවකු නොවේ නම්
    ප්‍රතිකාර සඳහා යොමු වීම අවශ්‍ය නැත .

ඇදුම් ගොඩාක් අන්දවා, උනුසුම වැඩි පරිසරයක සිටින අවස්ථාවල දරුවාගේ ශරීරයේ උණ ගතියක් තිබෙන විට,
ගුද මාර්ගයේ උෂ්ණත්වය 38/100.4 ට අඩු නම් දරුවාට උණ නැත .
ප්‍රතිකාර අවශ්‍ය නැත .

සියලුම තොරතුරු
Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical text books
වැනි ඉතා නිවැරදි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.

dostharapiya.lk සතු පුද්ගලික දේපලකි.උපුටාගැනීම තහනම් .


Leave a Reply

Your email address will not be published. Required fields are marked *