රොනිති සර්ධාතිලක. පූර්ව ළමාවිය සංවර්ධනය සම්බන්ධ අධ්‍යයනයන් ඇසුරින් .
“රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයෝ……”
ඔබත් ,මමත් මෙය හොදින් ම දන්නෙමු.
නමුත්,අද අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් මේ ගැන දන්නේ කීයෙන් කී දෙනාද….??
එදා ඔබටත් මටත් වැල්ලේ සෙල්ලම් කිරීමට හොඳයි නම් ,අද සිටින පොඩි දරුවන්ට වැල්ලේ සෙල්ලම් කිරීම නරකද ….???
එය සම්පූර්ණයෙන්ම වැරදි මතයකි.
වැඩිහිටියෙකුගේ පූර්ණ අවධානය යටතේ දිනකට ටික වේලාවක් වැල්ලේ සෙල්ලම් කිරිමට අවුරුදු 1 1/2 සිට දරුවෙකුට අවස්ථාව සැලසිය යුතුය.
මෙය ව්‍යුහාත්මක නොවන (unstructured play ) ද්‍රව්‍ය සමග ක්‍රියාකාරකම් සිදුකරන අවස්ථාවකි .මෙවිට ,
*වැලි මාලිගා සදමින්
*වැලි මිරිකමින්
*වැලි හාරමින්
*වැලි එහාට මෙහාට තල්ලු කරමින්
*බදුන් වලට වැලි පුරවමින් ආදී නොයෙකුත් ක්‍රියාකාරකම් මගින් දරුවන්ට නිමක් නැති විනෝදයක් මෙන්ම ඉගෙනුමක් ද ලැබේ .
වැල්ලේ හැඩතල ,රූප ඇදීමෙන් අකුරු ලිවීමට හොද ආරම්භයක් ලබා ගත හැකිවේ .
යමක් අතට දැනෙනෙ ස්වභාවය
(sense of texture ) තේරුම් ගැනීමට වැලි සෙල්ලම ඉතාම හොඳ අවස්ථාවකි .
දරුවන් වැලි සෙල්ලම් කරන විට ,
# තෙත වැලි සමග සෙල්ලම් කිරීම සීමා කල යුතුය .පණු ආසාදන සහ පරපෝෂිත ආසාදන (pinworms and parasites ) ඇතිවිය හැකි නිසා .
වැලි සෙල්ලමෙන් පසු හොදින් අත් සේදීමට දරුවන්ට පුරුදු කල යුතුය .
මිදුලේ හෝ වෙරළේ සෙල්ලම් කරන විට හිරු ආවරණ හෝ වෙනත් සමේ රෝග ඇති විට ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කල යුතුය .
ඔවුන්ගේ ඇගිලි තුඩු වල සංවේදන දියුණු කිරීමට ,සියුම් චාලක ක්‍රියා (fine motor skills ) ,
ඇගිලි රිසි සේ හැසිරවීමට ( finger movements ) මෙය ඉතාම වැදගත්වේ.
මීට අමතරව දරුවන් නිතර නිතර ස්වභාවික පරිසරයේ සිටීම නිරෝගිමත් වීමට ද බලපායි.
වැලි අතගෑමෙන් විශබීජ(infections ) ශරීර ගත වේ යැයි බියෙන් බොහෝ දෙමාපියන් දරුවන්ට වැලි සෙල්ලම තහනම් කරති .
ඒ වෙනුවට රූපවාහිනියට හෝ වෙනත් තාක්ෂණික මෙවලමකට
(smart devices-lap,tab,smart phones … ) දරුවන් කොටු කරති .
ඇත්තෙන්ම එය දරුවා බලාගැනීමට පහසු ක්‍රමයක් වුවද එයින් දරුවන්ට සිදුවන හානිය සුලු පටු නොවේ .
නිවසේ මිදුලක් නැති නම් දරුවා සමග මුහුදු වෙරළේ වැලි සෙල්ලම් කිරීමට පුලුවන .නමුත් එය ප්‍රායෝගිකව දිනපතා සිදුකිරීම අපහසුය .
එනිසා දරුවා නිවස තුල සෙල්ලම් කරන කාමරයක, වැලි මුල්ලක් සාදා දී සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දිය හැක.
දරුවන්ගේ සුන්දර ළමා කාළය….ලස්සන ලෝකය ඔවුන්ටම තනා ගැනීමට දෙමාපියන් වන අපි ඉඩ ලබා දෙමු .
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි උපුටාගැනීම තහනම් .
වටින ලිපියක්