Posted on

[රොනිති සර්ධාතිලක
ඖෂධවේදී ]

සමහර ඖෂධ ,ආහාර සමඟ ගන්නා ලෙසට ඔබට උපදෙස් ලැබී ඇති.
[Take this medicine with foods]

“ආහාර සමඟ ගන්න” යැයි පැවසූ විට, එයින් අදහස් කරන්නේ කුමක්ද ?

එය කෑමට පෙර, කෑම අතරතුර හෝ
කෑමෙන් පසු ගත යුතුද ලෙස ඔබට ගැටළු ඇතිවී තිබෙන්නට පුළුවන් .

සමහර ඖෂධ අවශෝෂණය හොඳින් සිදුවන්නේ ආමාශයේ ආහාර ඇතිවිටයි.

මීට ප්‍රධානතම හේතු දෙකකි.

1 ඖෂධයේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා සුදුසු ලෙස අවශෝෂණයට අවශ්‍ය පරිසරක් ලෙස

2 අතුරු ආබාධ අවම කිරීම සඳහා

බෙහෙත් හෙවත් ඖෂධ යනු විශාල රසායනික ව්‍යුහයන් ඇති සංයෝගයන් වේ.
මේවා ආමාශයික තරල gastric fluids
ආමාශ බිත්තිය ආදිය සමඟ ඇති කරන ප්‍රතික්‍රියා විවිධාකාර වේ.

ආහාර නොමැති විට උදර වේදනා,
උදර අපහසුතා
Abdominal pain, irritation වගේම ඔක්කාරය ( nausea ) වගේ තත්වයන්
ඇතිවෙන්නට පුළුවන් .

මේ තත්වය මඟහරින්න තමයි සමහර ඖෂධ ,ආහාර සමඟ ගන්නා ලෙස වෛද්‍යවරුන් නියම කරන්නේ.

සාමාන්‍යයෙන් ආහාරය අනුභව කිරීමට පෙර,වහාම හෝ ආහාරය අනුභව කර අවසන් වෙනවා සමඟම ඖෂධය ගත හැකිය.
එවිට උදර වේදනා ඇති නොවෙන්නටද පුළුවන් .

නමුත් සම්පූර්ණ අහාර වේලටම පසු ඉක්මනින් ඖෂධය ගැනීම වඩාත් සුදුසුය.

කෙසේනමුත් ඔබේ විශේෂිත ඖෂධය ගත හැකි හොඳම ක්‍රමය පිළිබඳ නිශ්චිත තොරතුරු සඳහා, විශේෂයෙන් ආහාර එහි අවශෝෂණයට හෝ ක්‍රියාවට බලපාන්නේ නම්, ඔබේ ඖෂධවේදියාගෙන් විමසන්න.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි . උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *