Dr රොෂාන් පියරත්න
MBBS MD
විනාඩි 2ක කියවීමක්
2019
Vitamin E
විටමින් E මේදයේ දියවන ( Lipid soluble ) විටමිනයක් වන අතර එය මේදයේ දියවී ශරීරයට අවශෝෂණය වීම සිදුවේ.
මීට අමතරව මෙය [ Antioxidants ] ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරයි. එමගින් ශරීරයේ සෛල විනාශ වී යාම අඩු කිරීමට උදව් වේ.
මෙය tocopherol ලෙස හදුන්වන අතර එය ස්වභාවිකව alpha tocopherol ලෙස පවතී.
නමුත් කෘතිමව නිපදවන විට alpha ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකි.
මෙහි ඇති වෙනත් බොහෝ tocopherol වර්ග නිසා අප ශරීරයට හානිකර තත්වයන් ඇතිවිය හැකිය.
මෙම නිසා ස්වභාවික වන විටමින් ඊ සංඝටක ශරීරයට යහපත් වන අතර කෘතිමව නිපදවන්න වලින් ශරීරයට සිදුවන අයහපත වැඩිය.
vegetable oils, meat /මස් වර්ග , බිත්තර වල , green leafy vegetables සහ පලතුරුවල විටමින් ඊ බහුලව පවතී.
සාමාන්‍යයෙන් දිනකට විටමින් E අවශ්‍ය වන්නේ 15mg ප්‍රමාණයකි. මෙම ප්‍රමාණය අපි ලබා ගන්නා ආහාරවලින් අවශ්‍ය ප්‍රමාණයට ලබාගත හැකිවීම නිසා සාමාන්‍ය පුද්ගලයින් අතර විටමින් ඊ ඌනතාවයක් දක්නට නොලැබේ.
එම නිසා විටමින් ඊ පිටින් ගැනීම අවශ්‍ය කාරණයක් නොවේ .
විටමින් ඊ ඌණතාවය ඇතිවිය හැකි තත්වයන් වන්නේ
අක්මාව ආශ්‍රිත ,අග්න්‍යාශය ආශ්‍රිත සහ බඩවැල් ආශ්‍රිත රෝග සහිත පුද්ගලයින්ටයි. එවැනි පුද්ගලයින්ගේ විටමින් E ශරීරයට අවශෝෂණය කරගැනීම හරියාකාරව සිදු නොවේ.
මෙම නිසා එ වැනි අසනීප ඇති පුද්ගලයින්ගේ විටමින් ශරීරයට උරා ගැනීම අඩු වීම නිසා ඔවුන්ට විටමින් ඊ ඌණතාවයක් පැවතිය හැකි බැවින් වෛද්‍ය හේතුවක් ලෙස ඔවුන්ට විටමින් ලබාදීම සිදුකරනු ලබයි.
මේ හැරුණු කොට අනෙක් පුද්ගලයින්ට විටමින් ඊ ලබාදීමට අවශ්‍යතාවයක් නැත.
විටමින් ඊ ඌණතාව නිසා ඇතිවන රෝග තත්වයන් වන්නේ ,
ස්නායු දුර්වල වීම , ශරීරයේ සමබරතාවය නැති වී යාම සහ
රුධිර සෛල ඉක්මනින් විනාශ වීම වැනි තත්වයන් ය.
ගර්භණී මාතාවන්ගේ විටමින් ඊ පෙකණිය හරහාත් කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි හරහා ගමන් කරන නිසා දරුවන්ට එම විටමින් ඊ ලැබේ.
මේවා ඉතා කලාතුරකින් ඇතිවන තත්වයන් වේ.
විටමින් ඊ බහුලව ලබා ගැනීම නිසා ශරීරයේ ආසාදන තත්ත්ව සහ විෂබීජ ශරීරගත වීම නිසා ඇතිවන උණ තත්වයන් බහුලව ඇතිවේ.
එමෙන්ම දිගු කාලයක් E ලබාගැනීම පුරුෂයන්ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැඩිවීමට හේතුවක් වනු ඇත.
එම නිසා නිර්දේශයක් නොමැතිව ලබා ගැනීම වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශකරනු නොලබයි.
මීට අමතරව විටමින් E ආලේපන වශයෙන් පවතී. මෙසේ ආලේපන වශයෙන් ලබා දෙනු ලබන්නේ,
සමේ ඇතිවන සුළු සුළු පිළිස්සීම හෝ හිරු එලියට සම පිළිස්සීම , වියලි බව වැනි තත්ව වලදී තාවකාලික විසඳුමක් ලෙස පමණි.
නමුත් මෙමගින් දීර්ඝ කාලීන ප්‍රතිඵල අපේක්ෂා නොකරයි.
විටමින් ඊ නිතර නිතර ආලේපකිරීම තුළින් සමට මහා විශාල සහනයක් හෝ වාසියක් අත් නොවේ.
වෙළඳපොලේ බහුලව විවිධ නාමයන් යටතේ විවිධාකාර ද්‍රව්‍යයන් ලෙස විටමින් E විකිණීමට පවතින අතර ඒවා වෙලද ප්‍රචාරයන් යොදාගනිමින් ප්‍රචාරණය කිරීමද සිදුකරනු ලබයි.
නමුත් එසේ ප්‍රචාරණයන්ට හුදෙක් වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු පසුබිමක් නොමැති අතර වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන විටමින් ලබා දෙන්නේ ඉතාමත් කලාතුරකින් රෝගී තත්වයන් ඇති අයට පමණි.
සාමාන්‍ය මිනසුන්ට, නිරෝගි මිනිසුන්ට කිසිවිටෙකත් විටමින් ඊ ලබා ගැනීම වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව නිර්දේශ නොකරයි.
සියලුම තොරතුරු
Up todate 2019
Chochrane database
Pubmed databes
Medical textbooks
වැනි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම්
Thank you very much doctor