Posted on

බොරු ප්‍රචාර -03

පුරුෂ_ලිංගය -01

පුරුෂ ලිංගයේ දිග ප්‍රමාණවත්ද ?

Dr රොෂාන් පියරත්න
MBBS MD
විනාඩි 2ක කියවීමක්

මෙවැනි ලිපි ලිවීමට අදහස් කළේ බොහෝ ප්‍රශ්න යොමු විමත්,
ඔබට ලිංගික ප්‍රශ්න කතා කිරීමට තැනක්, ක්‍රමයක් හෝ පුද්ගලයෙක් හෝ නොමැති වීමත් නිසාය.

එමනිසා ඔබගේ ලිංගික ප්‍රශ්න කතා නොකර ඔබගේ සාමාන්‍ය තත්ත්ව පවා ලිංගික ප්‍රශ්නයක් බවට පත් කරගෙන සිටී ගනිමින් කායිකව මානසිකව දුර්වල පුද්ගලයෙක් බවට ඔබ පත්වේ.( penil dysmorphic disorder )
මේ නිසා විශාදය [depression] ,
මානසික ව්‍යාකූල තත්ත්වයට පත්වීම සහ
එම තත්ත්වයන් හේතු කරගෙන සියදිවි නසාගැනිමේ අවස්ථාවන්ට පත් වන අය දැක ඇත්තෙමි.
තරුණ ඔබව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා මෙම ලිපි ප්‍රචාරය කරමි .

ඔබේ පුරුෂ ලිංගයේ දිග පිළිබඳව බොහෝ විට ප්‍රශ්න ඇති බව පෙනී යන අතර එය නිවැරදි දිග පිළිබඳව කිසිවෙකුට අදහසක් නොමැති බවද බොහෝ රෝගීන් හා කථා කිරීමේ දී දැනගන්නට ලැබුනි.


එබැවින් මා අදහස් කරන්නේ මෙයින් සාමාන්‍ය තත්ත්වයන් සහ ලිංගිකත්වය පිළිබඳව ඇති දරුණු ප්‍රශ්න හඳුනාගැනීමට ඔබ උනන්දු කිරීමත් ඔබ තුළ තියෙන ඇති සැක සංකා ඉවත් කිරීමට කටයුතු කිරීමත් ය.

බොහෝවිට social media ෆේස්බුක්, youtube , internet web site ,පුවත්පත් ,දේශීය _ විදේශීය සඟරා සියල්ලකම පාහේ දක්නට ලැබෙන වෙළෙඳ දැන්වීමක් වන්නේ ඔබගේ පුරුෂ ලිංගයේ දිග වැඩි කරගැනීමට පවත්නා ආලේප ඖෂධ, තෙල් බෙහෙත් වෙන වෙන විකල්ප බෙහෙත් වර්ග සහ ඒ සඳහා කළ හැකි කෙම් ක්‍රම ප්‍රචාරයන්ය.
මේවායින් දිග වැඩි නොවේ .
මේ අමූලික බොරු ප්‍රචාරයන්ය .

එහි දී අතුරු විපාක ඇති විය හැක. මෙම ආලේපන, තෙල්වල ඇති ද්‍රව්‍යය විෂ වීම නිසා බොහෝ අසීරුතාවයන්ට සමහරවිට රෝගී තත්ත්වයන්ට පත්වීම ද පහසුවෙන් සොයාගත හැකි තත්ත්වයකි.


සාමාන්‍ය පුරුෂ ලිංගයේ දිග අඟල් 5-6.5 / 12.5- 16.25cm වේ.


ඔබගේ පුරුෂ ලිංගය බොහෝවිට මේ අතරට වැටෙන බව නියතය. බොහෝ විට ඊට වඩා වෙනස් වන්නේ ඉතාම සුළුතරයකගේ පමණි.

සැම විටම තමන්ගේ පුරුෂ ලිංගය කුඩා බව තමන්ට හැඟීයයි. එසේ වීමට හේතුව නම් තමන් ඒ දෙස බලන කෝණය ඉහළින් වීමයි.

දිග වැඩි කරගන්නේ කෙසේද ?

නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක ශල්‍යකර්මයක් මගින් පුරුෂ ලිංගයේ දිග වැඩි කර ගත හැකිය. නමුත් එය වැඩි කරගත හැකි උපරිම දිග සෙන්ටි මීටර් දෙකකටත් වඩා අඩු වේ. නමුත් මෙහි සාර්ථකත්වය ඉතා ම සුළු අගයක පවතින අතර ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසුව වුව ද විවිධාකාර අතුරු ආබාධ බොහෝමයක් ඇති විය හැක. එමනිසා එය එතරම්ම හොඳ නැත .

අනෙක් ක්‍රමය නම්,
පුරුෂ ලිංගයේ දිග අඩුවෙන් පෙනීමට බොහෝවිට හේතු වන්නේ ලිංගාශ්‍රිතව පවතින මේද තැන්පත් වීම වේ. එබැවින් තරබාරු අයගේ ලිංගිය කුඩාවට පෙනිය හැක .


ඔබගේ විශාලව පෙන්වා ගැනීමට වුවමනා නම් ශරීරයේ බර සහ ස්ථූලභාවය අඩු කළයුතු වේ.

මේ අවසානය නොවේ මේ පුරුෂ ලිංගය පිළිබඳ ලිපි මාලාවක ආරම්භය පමණි.

විශේෂයෙන්ම නව යෞවන වියේ පසුවන පුද්ගලයින් හට දැක ගැනීමට සලස්වන්න. එය ඉතා මහඟු සේවයක් වනු ඇත.

සියලුම තොරතුරු
Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical textbooks
වැනි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි .

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *