රොනිති සර්ධාතිලක ඖෂධවේදී
මෙය කියවූ සැනින්ම ඔබේ මුවගට සිනා නැඟෙනු නොඅනුමානය.
කවුද කැමති දැනගෙන වුණත් වස බොන්න,
එහෙත් ලොකු කුඩා අප කවුරුත් උපන්දා සිට මේ වෙනතුරු වස ශරීර ගතකරගෙන ඇතිබව නම් සත්‍යයකි .
අපේ පැරැන්නන් නම් එසේ වස පානයෙන් තොරවූවන් බවට විශ්වාස කලහැකි මුත්,
මෙකල වයස අවුරුදු 1 පමණ වන ළදරුවන් පවා කිසියම් ප්‍රමාණයක් වස ශරීර ගතකරගෙන සිටින බැව් නොඅනුමානය .
ඔයාල හොඳින්ම දන්න, බෙහෙත් නැත්නම් ඖෂධ ( medicines or drugs…) ගැන තමයි මේ කතාව….
ඔන්න දැන් ඉහත කියූ කරුණු නිවැරදියි නේද….

” all drugs are poisons …
මා , ඖෂධවේධියෙක් ලෙස පුහුණුවට ඇතුලත් වූ දා පිලිගැනීමේ කතාවේදී අහන්නට ලැබුනේ මෙයයි.
එදා නම් එය තේරුම් ගැනීමට නොහැකි වූ අතර, කාලයත් සමඟම එහි සත්‍යයතාව මනා සේ පැහැදිලි විය.
නිවැරදි රෝගියෙක් ,
නිවැරදි ඖෂධයක්
නිවැරදි මාත්‍රාවෙන් ගන්න විටදී…
.
එය විෂ (toxic ) වීමට ඇති සම්භාවිතාවය ගොඩක් අඩුයි.
එහෙත් දැන් දැන් තමාගේ හිතුමතේට බෙහෙත් බොන්න ගොඩක් දෙනා පුරුදු වෙලා..
ඒ වගේම ආහාර ගන්නවාටත් වඩා…. ප්‍රධානම තැනක් ලැබෙන්නෙ බෙහෙත් වලට වගෙයි.
මිනිස්සුන්ට බෙහෙත් බොන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා …
- අසනීපයක් නිසා
- පුරුද්දක් ලෙස
ඔබ හෝ ඔබේ නිවසේ වෙනත් අයෙකු හෝ
මේ හේතු දෙකෙන් එකකට තමයි බෙහෙත් ගන්නේ…
හොඳයි , දැන් පොඩ්ඩක් බලමු අපි බෙහෙත්ගන්නේ….කොහොමද කියලා….
01 ඔබට වැළඳුණු රෝගයක් හේතුවෙන් ලියාපදිංචි වෛද්‍යවරයෙක් විසින් එම රෝගය සුව කිරීමට හෝ පාලනය කිරීමට, ලබා දුන් ඖෂධ ගැනීම
02 . තමාගේ ශරීරයේ ඇතිවන වේදනාවක් සමනය කරගැනීම උදෙසා නිවසේ ගෙනවිත් තබා ඇතවේදනා නාශක හෝ… වෙනත් ඖෂධ වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැනීම,
03. දැන හැඳුනුම්කම් මත නීතිවිරෝධී ලෙස සමහර පුද්ගලික ෆාමසි වලින් ඖෂධ ලබා ගන්නා අවස්ථා…
(එවැනි අවස්ථා කිහිපයක් ම සඳහන් කල හැක
- වේදනාව ,කැස්ස ,සෙම්ප්‍රතිශ්‍යාව , තුවාල … අසාත්මිකතා…
- අන්තරායකර ඖෂධ ( narcotics ) වලට ඇබ්බැහි වූ පුද්ගලයන් එම ඖෂධ ලබා ගැනීම
- අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා ගබ්සා කිරීම් සඳහා ඖෂධ ලබාගැනීම )
,. 04 . කලින් රෝගයක් වැළදී , ඖෂධ ලබාගත් ප්‍රලේඛන පත්‍ර ලඟ තබාගෙන,
නැවත කලින් රෝග ලක්ෂණ පහල වනවිට එම ප්‍රලේඛන පත්‍රයම ගෙනගොස් ඖෂධ මිලදී ගැනීම,
,.06 . පවුලේ එක් අයෙකුට ගෙනා බෙහෙත් වෙනත් අය භාවිතා කිරීම
05 . නොකඩවා සායන මඟින් බෙහෙත් ගතයුතු රෝග වලදී හිතුමතේ බෙහෙත් ගැනීම නවතා… නැවත මතක් වූ විට කාලයකට පසු සායන පොත් රැඟෙන ගොස් බෙහෙත් මිලදී ගැනීම .
මීට අමතරව තව අවස්ථා තිබිය හැක
මෙයින් 03, 04, 05, 06 යන කරුණු පිළිබඳව මනා සැළකිල්ලක් දැක්විය යුතු අතර ,
එවැනි දේ නොකිරීමට සහ ඒවාට අනුබල දීමෙන් වැළකී සිටිය යුතුය .
වෛද්‍ය උපදෙස් වලින් තොරව කුමන ඖෂධයක් හෝ ගැනීම හානිකර වියහැක.
ඖෂධ වල ක්‍රියාකාරී සංයුතිය
( active components ) ග්‍රෑම් ,මිලිග්‍රෑම් ,මයික්‍රො ග්‍රෑම් …. විදියට තමයි බෙහෙත් පෙත්තක, එන්නතක හෝ…. වෙනත් dosage form වල සඳහන් වෙන්නෙ..
එකම රෝගයකින් පෙලෙන රෝගීන් දෙදෙනෙකුට නියම කරන ඖෂධ මාත්‍රා එක සමාන වෙන්නත් , නොවෙන්නත් පුලුවන් .
එය රඳාපවතින්නේ…..
,. රෝගියාගේ…වයස , බර , රෝගයේ ස්වභාවය ….වගේ කරුණු මත,
ඒ වගේම එකම නිවසක සිටින වයසින් බරින් වෙනස් දරුවන් දෙදෙනෙකු ගත්තොත් ඔවුන් දෙදෙනාට එකම රෝගය තිබුනත් ලබා දෙන
ඖෂධ මාත්‍රා…
ඖෂධ වර්ග පවා වෙනස් විය හැක
ඖෂධ වර්ග වෙනස් වීමට ප්‍රධානම හේතුව නම් “අසාත්මිකතා” ( allergies )ය.
නිවුන් සහෝදරයන්ට පවා එකම බෙහෙත අසාත්මිකතා පෙන්වන අවස්ථා ඇත,
මේ ගැන කියන්නට හේතුව නම් ,
සමහර මව්වරුන් එක දරුවෙකුට ගෙනෙන බෙහෙත ,
වෛද්‍යවරයකු නිර්දේශ කරන කාළයම ලබා නොදී ,එම නිවසේ ම වෙනත් දරුවෙකුට ලබා දී අසාත්මිකතා වූ අවස්ථා මා හොඳින්ම දැක ඇති නිසා. ..
ඔබ පරිස්සම් වෙන්න,
ඔබ නොහොතනා ඉතාම සුලු කරුණක් ජීවිතය නැති වීමට,
පූර්ණ ආබාධ සහිත හෝ
සංකූලතා සහිත තත්ව වලට මඟ පෑදීමට
අපි දැනගෙන පානය කරන වස/ ඖෂධ පිළිබඳව සුලු කරුණු ටිකක් පමණයි මා අද ගෙන ආවේ…
ඉදිරි ලිපියකින් නැවත හමුවෙමු
සෞඛ්‍ය ගැටළු සාකච්ඡා කරන්න මුහුණු පොතේ Piyabana Samanallu පියාඹන සමනල්ලු සමූහය සමඟ එකතු වෙන්න .
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .