Posted on


#හිමලයන්_ලුණු
 මිත්‍යාව හා
#ලුණු කෑම 

Dr රොෂාන් පියරත්න 
MBBS MD
2019 
විනාඩියක කියවීමක් 

ඔබ සැම ආහාරයට ගන්නා ලුණු , මුහුදු ජලය ඝනීභවනය කර ලබාගන්නා සංඝටකයකි .
මෙම ලුනු ලෙස හඳුන්වන සංඝටකය තුළ sodium විශාල ලෙස පවතී.
ලුණු ලෙස හඳුන්වනු සංඝටකය තුළ ක්ලෝරයිඩ් , පොටෑසියම් සහ මැග්නීසියම් ඇතුළු තවත් බොහෝ අයන වර්ග සහ වෙනත් අපද්‍රව්‍ය පවතී.
මෙහි වැඩි වශයෙන් ඇත්තේ සෝඩියම් ක්ලෝරයිඩ් නම් රසායනික සංයෝගකි . අපේ ශරීරයට sodium අත්‍යවශ්‍ය අයනයක්වේ.
මෙය ලුණු ලෙස හෝ අනෙකුත් ආහාර වලින් ලබා ගනී.

සේලයින් ලෙස ශරීරයට ලබා දෙන්නේ ද සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවනයකි.
මෙය ලුනු දිය කල වතුර ද්‍රාවණයකි. නමුත් මෙහි ලුණු ඇත්තේ ඉතා සුළු සාන්ද්‍රනයකිනි.

ශරීරයේ සෛලවල ක්‍රියාකාරිත්වය හා ජීවී තත්වය පවත්වා ගැනීම සහ ද්‍රව්‍ය පරිවහනය සදහා සෝඩියම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් ලෙස සැලකිය.

දිනකට නිර්දේශිත sodium ප්‍රමාණ වන්නේ,
වැඩිහිටියෙකුට
**************************
-සෝඩියම් 2.3g 
-ලූණු 6g
-ලුණු තේ හැදි 1 කට වඩා අඩුවෙනි.
***************************
( ලුණු තේ හැදි 1= ලුණු 6g= සෝඩියම් 2.3g )

(තේ හැන්දට ලුනු දමා මට්ටම් කර වැඩිපුර ඇති ප්‍රමානය ඉවත් කරන්න) 
**************************
මීට වඩා ආහාරයට ගැනීම සුදුසු නොවේ.
ඊට වඩා අඩුවෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය හා හෘදය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් අඩු කිරීමට හේතුවේ.

හිමාලයන් ලුණු ලෙස හඳුන්වන්නේ himalaya නොව පකිස්ථානයේ ඇති අතීතයේදී ඝනීභවනය වූ මුහුදු ජලය සහිත ලුණු නිධිය කින් ලබා ගන්නා ද්‍රව්‍ය වේ.
මේවා රෝස පැහැයට හුරු පැහැයකින් යුක්ත වන අතර මේවා අතිශය අපිරිසිදු ද්‍රව්‍යයක් වේ.
මෙහි රෝස පැහැය ලැබෙන්නේ එහි කලවම් වී ඇති අනෙකුත් රසායනික සංඝටක නිසාය.
මේවා ඉතාම පිරිසිදු ලුණු ලෙස වෙලෙන්දන් කියූවත් එසේ නොවේ.
නමුත් ඔවුන් පවසන ආකාරයට පිරිසුදු නම් sodium chloride පමණක් තිබිය යුතුය.
එහි අනෙකුත් රසායන ද්‍රව්‍යයන් 80ක් ඇති බව වෙලෙන්දන් පවසයි.
ඒ අතර වටිනා ද්‍රව්‍ය පැවතියද ඒවා ඇත්තේ ඉතා සුලු ප්‍රමාන වලිනි.
එමගින් ශරීරයට අවශ්‍ය එම සංඝටක ලබාගන්න උත්සාහ කිරීම ” හාල් වල ඇති ගල් වැලි එකතුකර ගෙයක් සාදාගැනීමට උත්සාහ කිරීමට සමානවේ.”
මෙහි බොහෝ රසායනික ද්‍රව්‍යයන් ඉතා සුළු ප්‍රමාණවලින් පවතින අතර අතිශය විෂකාරක වන රසායනික ද්‍රව්‍ය 60ක් පමණ පවතී.
මින් පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය සහ radioactive රසායනික ද්‍රව්‍ය බොහොමයක් පවතී. එමගින් ශරීරයට රෝග බෝහෝමයක් ඇති වියහැකිය .
එම නිසා ඇත්ත කතාව නම් මෙම ලුණු ආහායට ගැනීම ශරීරයට අහිතකර බවය.
වෙලෙන්දන් බොහෝ විට ලංකාවේ ලුණු රෝස පාට කර ඉතා වැඩි මිලට හිමලයන් ලුණු ලෙස විකුණා ජනතාව මුලාකරයි.
වෙලෙන්දන් පවසන කිසිදු හොදක් පර්‍යේශනාත්මකව ඔප්පුකොට නැත .

එසේම මුහුදු ලුනු ඉතාමත් ගුණදායක ද්‍රව්‍යක් ලෙස මුහුද දැක නැති අභ්‍යන්තර රටවල වෙලෙන්දන් බෙහෙතක් ලෙස විකුණනු දැකිය හැකිය .

එසේම අපගේ ලුණු ලේවායන් වලින් ලබාගන්නා ලුණුද කොළ පාට නිල් පාට වැනි වර්ණ වලින් යුක්ත වේ.
ඒ ඒවාගේ දිය වී ඇති අනෙකුත් සංඝටක නිසා/ අපිරිසිදු ලුණු නිසාය.
නමුත් අප අපිරිසිදු ලුණු භාවිතා නොකරන්නේ අපිරිසුදු බව දන්නා නිසාය.
ලංකාවේ ලුණු ලේවායෙන් ගන්නා පිරිපහදු නොකල ලුණු අනුභව කරන මිනිසුන් ඉතාම විරලය.
එනිසා පිරිසුදු කරගත් පසු එයට අයඩින් එකතුකල ලුණු කුඩු වශයෙන් හෝ කැට වශයෙන් අප ආහාර ආහාරයට එකතුකර ගනී.

එබැවින් අප කළ යුත්තේ හිමාලය් ලුණු ද පිරිසුදු කොට ආහාරයට ගැනීමය.
එමගින් ශරීරයට ලුණු ලබා ගත හැකිය
නමුත් වැඩි වියදමක් කොට මෙසේ අමුතු ලුණු ලබා ගැනීම හෝ ජරාවූ අපිරිසිදු හිමාලයන් ලුණු ලබා ගැනීම කිසිසේත්ම ශරීර සෞඛ්‍යයට හිතකර යැයි කිසිවිටකත් පර්යේෂණ මඟින් ඔප්පු කර නැත .
එම නිසා හිමාලයන් ලුණු යනු හුදෙක් මිත්‍යාවක් සහ හානිකර ද්‍රව්‍යයක් පමණි.
කපටි වෙලෙන්දන්ට හසු වී මලමූත්‍රා අනුභව කරන මෝඩයෙකු නොවන්න.

කෙසේ වුවත් ලුණු වැඩිපුර ආහාරයට ගැනීම අනුමත කල නොහැකිය.
එම නිසා ලුණු ආහාරයට ගැනීම සහ ලුණු සහිත ආහාර අඩු කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.
හැකි පමණ ලුණු අඩු කිරීම ඔබගේ ශරීර සෞඛ්‍යයට හා හෘදයේ ආරක්ෂාව වැඩි කිරීමට හේතුවක් වේ.

ලබැදියන් දැනුවත් කිරීම ඔබගේ යුතුකමකි .

#drroshanmd
#piyabanasamanallu
#borupracharaunboxing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *