#hand_foot_mouth_disease
හෑන්ඩ් ෆුට් මෞත් රෝගය
Dr රොෂාන් පියරත්න
MBBS MD
විනාඩි 2ක කියවීමක්

***සාරාංශය
ශ්‍රාව වලින් බෝවන වෛරස් රෝගයක් වන අතර දියර, ආහාර හා පැරසිටමෝල් හැර කිසිවක් නොදිය යුතුය .*****
hand foot mouth disease එක බහුලව වැළඳෙන්නේ අවුරුදු 7ට වඩා අඩු කුඩා දරුවන්ට නමුත් වැඩිහිටියන්ට සහ ඕනෑම වයසක අයෙකුට මේ වැළඳීමේ හැකියාව පවතී.
මෙය වෛරස මගින් සෑදෙන අසනීපයක් වන අතර ඒ සඳහා entarovirus නම් කාන්ඩයේ virus කිහිපයක් දායකවෙයි.
වෛරසය ශරීර ගතවූ පසු ආහාර හා ස්වසන මාර්ගයේ පවතින අතර ඒවා එම මාර්ග ශ්‍රාව වලින් පැතිරේ.
———————————–
බෝවීම*****
(බිබිලි වල ශ්‍රාව
සෙම, කෙල
මල පහ)
මෙම රෝගය ව්‍යාප්ත වන්නේ ගුද මාර්ගය හරහා එලියට එන වෛරසය මුඛ මාර්ගයෙන් ශරීරගත වීම සිදුවීමෙනි.
මීට අමතරව බිබිලි පුපුරායන ශ්‍රාවයන් , කෙල සහ සෙම ශ්‍රාවයන් ශරීරගත වීමෙන් ඇති විය හැකිය.
වෛරස් ශරීර ගතවී දවස් තුනක් පමණ යන විට මෙම රෝගය ඇතිවීමේ ලක්ෂණ පහළ වනු ඇත.
——————————–
රෝග ලක්ෂණ *******
බොහෝ විට කුඩා ළමුන් පළ කරන ලක්ෂණ වන්නෙ ,
-කෑම ගිලීමට ඇති අපහසුතාව,
-කෑම ප්‍රතික්ෂේප කිරීම
-උණ
-බිබිලි
ඇතිවන බිබිලි පලමුව රතුපාට ලප මෙන් ඇති වී ඒ මත බිබිලක් ඇතිවී පුපුරා තුවාලයක් බවට පත් වනු ඇත.
මෙම බිබිලි 1cm වඩා කුඩා වේ.
මෙම බිබිලි ඇතිවන්නේ,
-අතේ ඇඟිලි සහ අත්ල මත
-කකුලේ ඇඟිලි සහ කකුලේ පතුලමත
-තට්ටම් ආශ්‍රිතව
-මුඛයේ
රෝගයට නම ලැබී ඇත්තේ බිබිලි කට, අතේ හා කකුලේ ඇතිවන නිසාය.
මීට අමතරව ඉතා මද උණ තත්ත්වයක් ඇතිවිය හැකි අතර එය සෙන්ට්‍රිග්‍රේට් 38.3/ පැරන්හයිට් 101 ප්‍රමාණය වේ.
මීට අමතරව කලාතුරකින් විවිධාකාර සංකූලතාඇති විය හැකිය .
තහවුරු කිරීම*****
තත්ත්වය හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණ නොමැති අතර එය සාමාන්‍ය පරීක්ෂාවකින් හඳුනා ගැනීම සිදුකරනු ලබයි.
—————————–
ප්‍රතිකාර *****
මෙම තත්ත්වය දවස් හතකින් පමණ සාමාන්‍යයෙන් සුව වීමට පත්වන අතර මේ සඳහා විශේෂ ප්‍රතිකාර කිසිවක් අවශ්‍ය නැත .
මෙහිදී ඔබ කළ යුත්තේ උණ සඳහා නිවැරදි මාත්‍රාවෙන් යුක්තව උණ කටුවකින් උණ සටහන් කරමින් පැරසිටමෝල් ඖෂධය ලබාදීමයි .
හැකි තරම් දියර වර්ග ආහාර වර්ග ලබාදීමෙන් දරුවා නිරෝගීව තබා ගැනීමට උත්සාහ කිරීමයි .
වෛද්‍යවරු කරා යොමුවිය යුත්තේ,
-දරුවා මුඛය ආහාර නොගන්නා විට
-දියර වර්ග නොගන්නා විට විජලනය වැනි තත්ත්ව ඇතිවිය හැකි නිසා එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයකු හමුවී සේලයින් ලබාදීමේ අවශ්‍යතාව තහවුරු කරගත යුතුය.
– මීට අමතරව දරුවා ඉතා අධික නිද්‍රාශීලීව , කල්පනාව වෙනස් වීම සහ දරුවාගේ හැසිරීම් යම්කිසි වෙනසක් ඔබට දකින්නට ඇත්නම් වෛද්‍ය උපකාර සඳහා යොමුවීම අවශ්‍යවේ.
*********මේ සඳහා ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක antibiotics ලබාදීම කිසිසේත් අවශ්‍ය නොවෙයි .
**********anti viral ලබාදීම කිසිසේත් අවශ්‍ය නොවේ.
********කටේ තුවාල සඳහා වේදනානාශක ආලේපන වර්ග භාවිතා කිරීම හානිදායක වන අතර එසේ භාවිතය අවශ්‍ය නැත .
**********එසේම මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා කිසිදු එන්නතක් සොයාගෙන නැත.
මේ තත්ත්වය වළක්වා ගැනීමට කළ යුත්තේ,
-බෝවීම වළක්වා ගැනීමට දෑත් පිරිසිදුව පවත්වා ගැනීම
-රෝගී දරුවන්ගේ සමග ගැටීම අවම කිරීමයි.
එම නිසා ඔබගේ දරුවාට මෙවැනි තත්ත්වයක් වැළඳී ඇත්නම් ඔහු සතියක් පමණ පාසල් යැවීම සහ අනිත් නමුත් සමග සෙල්ලම් කිරීමට යැවීම නතර කිරීමෙන් අනෙක් දරුවන්ට බෝ වීම නතර කිරීමට පුලුවන .
එසේම මෙම තත්ත්වය පවතින විට හොඳට දියර ආහාර ලබා දීමෙන් දරුවාගේ විජලනය වලක්වාගැනීම අත්‍යවශ්‍ය වේ.
#Drroshanmd
#piyabanasamanallu
#borupracharaunbixing
සියලුම තොරතුරු විශේෂ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ නිබන්ධන ආශ්‍රිතව සකස් කරන අතර ඒ සඳහා chochrane database
Pubmed database
Uptodate 2019 සහ තවත් වෛද්‍ය විද්‍යානුකූල ග්‍රන්ථ පරිශීලනය ආශ්‍රයෙන් සිදුකරනු ලබයි.
මෙහි ඇත්තේ යාවත්කාලීනව, වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කරන ලද තොරතුරු පමණි.