#ආතරයිටිස් තියනවද???
එහෙනම් මේක කියවන්න

ආතරයිටිස් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාවයි.
මෙසේ සන්ධි ආශ්‍රිත වේදනා වැටීම් වර්ග දෙකකින් පවති
– ආතරයිටිස් arthritis
– arthralgia
#arthralgia ලෙස හඳුන්වන්නේ සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනාව පමණි.
මෙහිදී සන්ධි ඉදිමීමක් හෝ සන්ධි ක්‍රියා කාරිත්වයට බාධාවක් නොවේ.
වෛරස් උණ හැදුණු විට ඩෙංගු උණ හැදුණු විට සන්ධි ආශ්‍රිතව ඇතිවන වේදනා තත්ව ඇතිවේ.
ආතරයිටිස් යන්නේ තේරුම වන්නේ ,
සන්ධි වේදනාව, ඉදිමීම රතුවීම ,සන්දියේ නැවීමට දිගහැරීමට නොහැකි ව ක්‍රියාකාරීත්වය අඩපණ වීමයි .
ආතරයිටිස් වර්ග දෙකකි.
– inflamatory
– degenarative
Degenarative ආතරයිටිස් වලට අයත් වෙන්නේ osteo arthritis/ඔස්ටියෝආතරයිටිස්.
මෙහිදී වයසට යෑම නිසා සන්ධියේ ඇතිවන ගෙවීම් සහ බිඳී යෑම නිසා ඇතිවන තත්ත්වයකි .
මෙම තත්වය වයසක අයට, නැතහොත් ඊට කලින් එම සන්ධිය වැදීම වැටීම වූ නිසා ඇතිවූ හානි වීම් නිසා ඔස්ටියෝආතරයිටිස් ඇතිවිය හැකිය .
Inflammatory ආතරයිටිස් බොහෝ විට තරුණ ජනතාවට ඇතිවන ප්‍රශ්නයකි .
එනම් අවුරුදු 50ට අඩු රෝගීන්ට මෙම ආතරයිටීස් තත්ත්වය වැළඳීම හේතුවෙන්,
ආතරයිටීස් තත්වය / සන්ධි අමාරු උදෑසන නැගිටින විට ඉතා දැඩි ලෙස සන්ධි වේදනාවට පත්වීම.
උදෑසන නැගිටි විට සන්ධි නැමීමට දිගඇරීමට නොහැකිවී හිර වී පැවතීම. ( පැයක් පමණ )
මෙසේ පවතින හන්දි අමාරු වැඩ කිරීම, ව්‍යායාම් කිරීම හා දවසේ වැඩ කිරීම තුළින් අඩු වී යාම දක්නට ලැබේ.
Inflammatory ආතරයිටිස් තත්ත්වයන් යටතේ ඉතා විශාල ආතරයිටිස් වර්ග ප්‍රමාණයක් පවතී .
මේ අතර ප්‍රධානම වන්නේ රුමැටොයිඩ් ආතරයිටිස් යන නාමයයි.
මීට අමතරව තවත් බොහෝ ආතරයිටිස් වර්ග ඇති අතර ඒ හා සම්බන්ධව ඉදිරියේදී ලියන්නම් .
සන්ධියක කොටස්,
-ඇට කටු
-කාර්ටිලේජ
-සයිනොවියල් පටලය/ සන්ධි
කවරය
-මාංශ පේශි
-tendon
-enthesis
-සම
මෙසේ සන්ධිවල ඇතිවන වේදනාවට ඇටකටු, කාටිලේජ, පටලය පමණක්ම නොව ඊට වටේ ඇති tendon ,muscles , සම සහ ස්නායු වල ඇතිවන ආබාධ වේදනාද හේතුවේ.
එම නිසා මුලින්ම අප වෙන් කරගත යුත්තේ මෙසේ ඇතිවන හේතුව ඇත්තටම සන්ධියෙන් පැමිණෙන්නක් ද නැත්නම් මස්පිඩු සම ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් නිසා ඇතිවන වේදනාවක්ද යන වගයි .
ආශ්‍රිතව ඇතිවන වේදනා ඉක්මනින් සුව කළ හැකි අතර ඒවා බොහෝ විට දරුණු තත්වයකට පත් නොවේ.
සන්ධි වර්ගීකරණයේදී සන්ධි වර්ග කිහිපයක් පවතී .
පළමුව ඒවා synovial පටලයකින් වටවී වෙලාද නැතිද යන වග .
පටලයකින් වටවූ සන්ධි වර්ග තවත් ආකාර වලට බෙදී යයි.
කුඩා සන්ධි හා විශාල සන්ධි ,
කුඩා සන්ධි පවතින්නේ අතේ ඇඟිලි පුරුකක් කකුලේ ඇගිලි පුරුක් ආශ්‍රිතව ය .
විශාල සන්ධි ලෙස උරහිස,වැලමිට මැණික්කටුව දනිහිස සහ වළලූකර දැක්විය හැකිය.
මීට අමතරව පවතින හන්දි වන්නේ කොඳුඇට පෙළ දිගේ පවතින සන්ධිය.
මීට අමතරව සන්ධි රෝගවලදී සන්ධි ප්‍රමාණය අනුව රෝග වෙන් කළ හැකිය .
-එක සන්ධියක් පමණක් නම් monoarthritis,
-සන්ධි 4ට අඩුනම් oligoarthritis ,
-සන්ධි 4 ට වැඩි polyarthritis
තවත් බොහෝ දේ ඉදිරියේදී …..
Next rheumatoid arthritis හා ඔස්ටියෝආතරිටිස් .
Dr Roshan Piyarathne
MBBS MD
#drroshanmd
#piyabanasamanallu
#borupracharaunboxing
සියලුම තොරතුරු
Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical textbooks
වැනි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.
මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි .උපුටාගැනීම තහනම් .