Posted on

(Dr Roshan Piyarathne
MBBS MD )

සාමාන්‍යයෙන් ඔළුව වටේ ඇති හිස් කබල වටා ඇති සම, සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාල වලින් යුක්තය .
එම නිසා බොහෝ විට සුළු අනතුරකින් පවා එම රුධිර පුපුරා ලේ ගැලීමක් සිදුවේ .
මෙම නිසා ගෙඩි ගැසීමක් ඇතිවේ.


ලේ ගැලීම නතර වූ පසු ගෙඩියක් ආකාරයේ ස්වභාවයට පත්වේ. මෙසේ පත්වන විට වේදනාවක් ඇති අතට අහුවෙන ගෙඩියක් ඇතිවේ.
එහි විශාලත්වය සිදුවූ අනතුරේ දරුණු බව විදහා දක්වන අතර ඉදිරිපස මුහුණ ඉදිරිපස නලලේ ඇතිවෙන ගෙඩි දරුණු බවින් අඩුයි.


නමුත් කණ දෙපස කණට ඉහලින් හා පිටුපස ඇතිවන ගෙඩි ගැසීම දරුණු බවින් වැඩිය .


ගෙඩියේ පලල සෙන්ටිමීටර් 3 ට වඩා වැඩි නම් එය දරුණු අනතුරක් වන අතර රෝහල් ගතවීම සුදුසුය .
එමගින් බොහෝ විට හිස් කබල බිදී හෝ මොලය ඇතුලට ලේ ගැලීම සිදුවී තිබිය හැකිය.
ගෙඩි සඳහා කළ යුත්තේ විනාඩි 10 -20ක් අයිස් තිබීමයි .
එ මගින් රුධිර නාළ සංකෝචනය වී ලේ ගැලීම අඩු වන අතර එම ලේ කැටියක් බවට කැටිගැසේ.

මීට අමතරව මෙම වේදනාව සඳහා පැරසිටමෝල් වැනි ඖෂධ භාවිතා කිරීම කළ හැක .


ඒ ඇරෙන්න වෙන කිසිම ඖෂධයක් භාවිතා කිරීම මේ සඳහා අවශ්‍ය නොවේ.
මෙවැනි ගෙඩියක් ඇතිවූ විට සාමාන්‍යයෙන් එය සතියක් සති කිහිපයක් යන විට ඉබේම ශරීරයට උරාගෙන ගෙඩිය නැතිවී යන අතර එය තද කිරීම, පොඩි කිරීම සහ දියකර හැරීමට තැත් කිරීම අවශ්‍ය නැත.
මෙවිට ඇතුලත හිස් කබලට හානියක් සිදුවී ඇත්නම් එය වැඩි වීමට ද පුළුවන.

මීට අමතරව හිස් කබලේ ඇතුලත ඇති වන පිපිරීම් හා කැඩීම් නිසා කන පිටුපස සහ ඇස් වටා ලේ ගැලීම් / තැලුම් ඇති වියහැකිය .

එබැවින් නළල නොමැතිව අනිත් කොටසක ගෙඩි ගැසී ඇති විට හා 3cm වඩා විශාල වන විට ,
ඇස් වටා, කණ පිටුපස ලේ ගලා ඇති නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර එහිදී ඒ සඳහා හදිසි ප්‍රතිකාර සිදු කරනු ඇත.
#borupracharaunboxing
#piyabanasamanallu
#drroshanmd
සියලුම තොරතුරු 
Uptodate 2019
Chochrane database
Pubmed databes
Medical textbooks
වැනි වෛද්‍ය පර්යේෂණ ග්‍රන්ථ ඇසුරෙන් පමණි.

මෙය dostharapiya.lk සතු පුද්ගලික දේපලකි. උපුටාගැනීම තහනම් .

3 Replies to “දරුවාගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා Head injury in children”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *